ඉතින් බිරිඳ කිව්වලු, ආ එක හරිම ලේසි දෙයක්නෙ පන්සලට ගිහින් හාමුදුරුවෝ කියන එකම කියන්න තියෙන්නෙ කියලා. ඉතින් අබරා හිතාගත්තලු එහෙනම් ලබන පෝයට සිල් අරන් බලන්න ඕනේ කියලා.
ඔන්න පෝය දවසෙ උදේම ලක ලෑස්ති වෙලා පන්සලට ගිය අබරට හාමුදුරුවෝ මුනගැහුණා. හාමුදුරුවෝ අබරාගෙන් ඇහුවා “මොකද මේ කවදාවත් නැතුව පන්සලේ” කියලා.ඉතිං ඔන්න අබරට එයාගේ බිරිඳ කිව්ව කතාව මතක්වෙලා හාමුදුරුවරුන්ගෙන් “මොකද මේ කවදාවත් නැතුව පන්සලේ කියලා” ඇහුවා.
හාමුදුරුවෝ ඒ පාර “මොකද උඹට පිස්සුද කියලා” ඇහුවා. එතකොට අබරත් “මොකද උඹට පිස්සුද කියලා” ඇහුවා. මේක අහපු හාමුදුරුවන්ට හොඳටම තරහ ගිහින් “මූව කඹයක් අරන් බැඳලා දාන්න” කියලා හාමුදුරුවෝ ඇබිත්තයන්ට කිව්වා. මෙන්න අබරත් ඒකම කියනවා. දැන් නම් අනිත් අයටත් හොඳටම තරහයි. ඊට පස්සේ උපාසක මහත්තුරු ටිකත් ඇවිත් ඔක්කොම එකතුවෙලා අබරට හොඳටම ගහලා පන්සලෙන් පන්නා ගත්තා.
ඇඟපත අතගගා ගෙදර ගිය අබරා බිරිඳ ගෙන් ඇහුවා සිල් ගන්න එක මේතරම්ම අමාරු දෙයක් වෙලත් කොහොමද හැම මාසෙම සිල් ගන්නේ කියලා. මට මේ එක දවසක් සිල් අරගෙනත් මේ තරම්ම අමාරුයි කියලා සිදුවුන හැමදේම බිරිඳට කිව්වා. සැමියාගේ අනුවණකම දන්න බිරිඳ බෙහෙත් තෙල් ගාලා අබරා ට සාත්තු කළා.
අබරා නොදන්න දෙයක් කරන්න ගිහින්නේ මේ තරම්ම ලොකු අමාරුවක වැටුනෙ, ඉතින් අපි කවුරු හරි නොදන්න දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටුන අය ගැන කතා කරනකොට අපි මෙන්න මේ ප්‍රස්තාව පිරුළු යොදාගන්නවා
No comments:
Post a Comment