ළමා කතන්දර

 

01.රජතුමා හා නුවණක්කාර ඇමති


ඔන්න
 එකමත් එක කාලෙක එක රටක් තිබුනා. මේ රටේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුනා. ඒකට ලොකු හේතුවක් තිබුනාමොකක්ද දන්නවද මේ රට පාලනය කරපු රජතුමා බොහොම යහපත් රජෙක් හින්දා තමයි එහෙම වුනේ
.
 

ඉතිං ඔන්න දවසක් මේ රජතුමාට හිතුනා මුළු රට පුරාම සංචාරය කරන්න.හැබැයි විශේෂත්වයක් තිබුනා මොකක්ද දන්නවද රජතුමාට තනියෙන්ම තමයි සංචාරය කරන්න ඕනෙ වුනේ.මේ සංචාරයේ එක අරමුණක් තමයි රටේ ජනතාවගේ දුක සැප සොයා බැලීම. 

ඔන්න දුවේ පුතේ මේ රජතුමා දවසක් තනියෙන්ම ගමන යන්න පටන්ගත්තා.රජතුමා ගමන ගියේ පයින්මයි. යන අතරමඟ හමුවෙන මිනිස්සුත් එක්ක කතාබහ කරන්න මේ රජතුමා අමතක රේ නෑමේ මිනිස්සුන්ටත් ගොඩක් සතුටු හිතුනා.තමන්ගේ රටේ රජ්ජුරුවෝ මේ විදියට එයාලගේ දුක සැප බලන්න ආපු එක  ගැන. 

තමන්ගේ රටේ මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් වෙනවා දැකපු රජතුමා ගොඩක් සතුටින් එයාගේ සංචාරය ඉවර කරලා ආපහු රජ වාසලට පැමිණියා. 

රජවාසලට ආපු රජතුමාගේ කකුල් ඉදිමිලා යටිපතුල් හොඳටම රිදෙන්න පටන් ගත්තා. මොකද දන්නවද රටේ පාරවල් ගොඩක් හදලා තිබ්බෙ කළු ගල් තලලා දාලයි.සමහර පාරවල් එහමවත් තිබුනේ නැහැ ගොඩක් අමාරුයි ඒවාගේ පයින් ඇවිදින්න.

ඉතිං මේ රජතුමාට ලොකු දුකක් ඇතිවුනා.මහජනයාටත් මේ කටුක මාර්ග හින්දා ගොඩක් වේදනා විදින්න වෙනවා නේද කියලා.වහාම අමාත්‍ය මණ්ඩලය රැස් කරපු මේ රජතුමා රටේ සියලුම පාරවල් සම් වලින් ආවරණය කරන්න කියලා අණ කරා.

මුළු රාජ සභාවෙම කසු කුසුවක් පැතිරෙන්න වුනා. අමාත්‍ය මණ්ඩලයේ මතය වුනේ රටේ සියළුම මාර්ග සම් වලින් ආවරණය කරන්න නම් විශාල සම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතිං  නිසා මේ වැඩේට විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා කියලා අමාත්‍ය මණ්ඩලය රජතුමාට කිව්වා. 

මේ අතර එක බුද්ධිමත් ඇමති කෙනෙක්රජතුමනි රටේ සියළුම මාර්ග සම් වලින් ආවරණය කරනවා වෙනුවට අපි මහජනයාට පවසමු එයාලගේ කකුල් සම් වලින් හදපු ආවරණයකින් ආවරණය කරගෙන මේ මාර්ග වල ගමන් කරන්න කියලා.

 ඇමති තුමාගේ යෝජනාව රාජ සභාවේ හැමෝගෙම ප්‍රශංසාවට ලක් වුනා.රජතුමාටත් ගොඩක් සතුටුයි. මොකද  යෝජනාව ඇත්තටම හොඳ යෝජනාවක් නිසා.ඉතිං රජතුමා රටවැසියන් හැමෝටම මේ යෝජනාව දැනුවත් කරන්න පණිවිඩකාරයෝ යැව්වා.

දැක්කා නේද පුංචි පුතේ මේ කතාවෙන් අපිට ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් නේද ප්‍රශ්නයක් බුද්ධිමත්ව විසඳන්නේ කොහොමද වගේම අපි තේරුම්ගන්න නෙ අපිට මුළු ලෝකයක්ම හදන්න අමාරුයි ඒත් අපි තනි තනියෙන් බුද්ධිමත්ව වැඩ කරොත් මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්න බොහොම ලේසියෙන්ම විසඳගන්න පුලුවන් කියලා.





02.පනින්න පෙර සිතා බලනු





එක්තරා වගුරු බිමක ගෙම්බන් දෙදෙනෙක් ජීවත් උනා.ඔන්න ඉතිං ඉතා දිගු කාලයක් වැස්ස නැතුව ලොකු නියං කාලයක් ආවා. 

මේ නිය හින්දා මේ වගුරු බිම වියළී යාමට පටන් ගත්තා.ඉතින් මේ ගෙම්බෝ දෙන්නා තීරණය කළා මේ වගුරු බිම අතහැරලා වෙන තැනක් හොයාගෙන යන්න.ඔන්න පුංචි දුවේ පුතේ මේ ගෙම්බෝ දෙන්නා වතුර තියෙන තැනක් හොයාගෙන යද්දි ලොකු ගැඹුරු ළිඳක් තියනවා දැක්කා.

ළිඳ ළඟට ගිය ගෙම්බො දෙන්නගෙන් එක ගෙම්බෙක්  ගොඩක් සතුටුයි.ඉතින්  ගෙම්බා නිත් ගෙම්බට කිව්වා යාළුවේ මෙතන තමයි අපිට ගැළපෙනම තැන වතුරත් ගොඩක් තියෙනවා. නිසා අද ඉඳන් අපි මෙතන නවතිමු කිව්වා.

අනිත්‍ ගෙම්බා ගොඩක් බුද්ධිමත් ඥාණවන්ත ගෙම්බෙක්.එයා ටිකක් වෙලා කල්පනා කරලා, යාළුවේ වතුර තියෙනවා නම් තමයි. ඒත් මේ ළිඳ ගොඩක් ගැඹුරුයි. කවද හරි කාලෙක මේ ළි‌‌‌ෙත් වතුර හිදුනොත් අපි කොහොමද ගොඩට එන්නෙ කියලා ඇහුවා.

ඉතින් ඔන්න එතකොට තමයි අනිත් ගෙම්බටත් ඒ දේ ගැන හිතුනෙ.ඉතින් පුංචි දුවේ පුතේ ඒක තමයි අපි කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා.

අපි ඕනම දෙයක් කරන්න කලින්  ගැන හොඳට හිතලා බලලා තමයි වැඩ කරන්න ඕනේ නැත්නම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා.