ආප්තෝපදේශ
අනුන්ට කරපු වරදක් ආපසු තමා වෙතම පැමිණේ
තමාගේ තරම දැනගෙන කටයුතු කළ යුතුය
සංචාරය කරන්නන් අත්දැකීම් බහුල අය වේ
යම් පුද්ගලයෙකුට කුඩා කාලයේ ලැබෙන හොඳ හෝ නරක ගතිගුණ එම පුද්ගලයාගේ පසු ජීවිතයට බලපානු ලබයි
වරින් වර වෙනස්වීම් කරන පුද්ගලයා විනාශයට පත්වේ
උපකාර කරලා ඒ ගැන පුරසාරම් කීමෙන් වලකින්න
මහන්සි වී වීර්යෙන් වැඩ කරනවනම් සාර්ථකත්වය ලබා ගත හැක
එපා වූ අයගේ සෑම දෙයක් ම පිළිකුල් කරයි
තමන්ට ප්‍රයෝජනවත් වන්නේ තමන් සතු දේ මිස අන් අය සතු අතිමහත් දේ නොවෙයි
ඔනෙම හොඳ දෙයක් වුනත් වැඩියෙන් දකින විට හෝ කරන විට එය එපා වෙයි
කළ යුතු දේ නිසි පරිදි නිසි වේලාවට කළ යුතුය
ජන්ම ගතිය අත් නොහරී
ලැබුණු ලොකුම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන වෙනත් සුළු සුළු දේවල් කිරීමෙන් පලක් නැත
ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය
යමෙකුට දෙයක් වචනයෙන් කියනවට වඩා කළ යුත්තේ එය සිඳු කරන අයුරු ක්‍රියාවෙන් සිඳු කර පෙන්වීමයි
ආයුධ අතට ගත්ත අය තම බලය පෙන්වා සතුරන් ඇති කර ගනී.සතුරන් බලවත් වූ විට ඔවුන්ගේ අවිවලට ගොදුරු වෙයි
ඉක්මන් වීම හොඳ නැත
කුමක් හෝ දෙයකට කලබල වී තීරණ අරන් කටයුතු කරනවාට වඩා ඉවසීමෙන් සිටීම වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වෙයි
පසුගිය දේවල් ගැන පසුතැවිලි වී පලක් නැත
Subscribe to:
Posts (Atom)